තාප විදුලි බලාගාර 3 වසා දැමීමට තීරණයක්

null

ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය සපයන පෞද්ගලික තාප විදුලි බලාගාර තුනක ගිවිසුම් දීර්ඝ නොකර මේ වසර ඇතුළතදී වසා දැමීමට තීරණයක් ගෙන ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඊයේ (14) පවතී මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

මාතර, පුත්තලම සහ ඇඹිලිපිටිය තාප විදුලි බලාගාර සමග අත්සන් කළ ගිවිසුම්වලින් ලැබූ පාඩු සළකා මෙම තීරණය ගත් බව හෙතෙම පවසයි. තාප විදුලි බලාගාර සඳහා අනිවාර්ය ධාරිතා ගාස්තු ලෙස වර්ෂයකට රුපියල් මිලියන 3000 – 3500 ක් අතර මුදලක් ගෙවීමට සිදුවීම මීට ප්‍රධාන හේතුවයි.

ඒ අනුව මෙගාවොට් 20ක විදුලි ධාරිතාවක් සැපයූ මාතර ඒ.එස්, මෙගාවොට් 100ක විදුලි ධාරිතාවක් සැපයූ ඇඹිලිපිටිය ඒ.එස් සහ මෙගාවොට් 100ක විදුලියක් සැපයූ පුත්තලම හෙලදනව් තාප විදුලි බලාගාර තුන මෙසේ වසා දමනු ඇත.

රජය සමග එළඹි ගිවිසුම් හේතුවෙන් කැලණිතිස්ස තාප විදුලි බලාගාරය පමණක් ඉදිරියට පවත්වාගෙන යාමට තීරණයක් ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>