24 Jul 2014
තායිවානයේ ගුවන් අනතුර
මැලේසියානු ගුවන් යානය කඩා වැටීමේ උණුසුම අඩුවීමටත් පෙර තායිවානයේද ගුවන් අනතුරක් වාර්ථාවේ.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ චීනයේ ක්වාෂියුං සිට තායිවානයේ පෙන්ගු දිවයින දක්වා ගමන් කරමින් තිබූ ට්‍රාන්ස් ඒෂියා ගුවන් සමාගමට අයත් ජී.යී 222 නැමැති ගුවන් යානයකි.
අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර අයහපත් කාලගුණය හේතුවෙන් යානය හදිසි ගොඩබැස්සවීමකට යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරයි.
ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් පුද්ගලයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇති බවට වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ මගීන් 54 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ හතරදෙනෙකු සිට ඇති බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළා.