තායිවාන ගුවන් යානය කඩා වැටී ඇති හේතුව හෙළිවේ

null

පසුගිය දා තායිවානයේ ගංගාවකට කඩා වැටුණු ගුවන් යානයේ එන්ජින් දෙකම යානය කඩා වැටීමට පෙර ක්‍රියා විරහිත වී ඇති බව පරීක්ෂණවලින් හෙළි වී තිබේ.

විදුලිබලය ඇණහිටීම නිසා එලෙස සිදුවී ඇති අතර මෙම කරුණු හෙළි වුණේ යානයේ කළු පෙට්ටිය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

තායිවානයේ ගුවන් ගමන් ආරක්ෂණ මණ්ඩලයේ තෝමස් වොන්ග් ප්‍රකාශ කර ඇත්තේ එක් එන්ජිමක් ක්‍රියා විරහිත වී විනාඩි පහළොවකින් පසු නියමුවා විසින් අනෙක් එන්ජිමද නතර කරනු ලැබ ඇති නමුත් එය යළි පණ ගැන්වීමට නොහැකි වී ඇති බවයි.

ක්‍රියා කරමින් තිබූ එකම එන්ජිම ක්‍රියා විරහිත කිරීමට නියමුවා පෙලඹී ඇත්තේ මන්දැයි තවමත් පැහැදිලි වී නැත.

නියමුවාද මෙම අනතුරින් මිය ගොස් ඇති අතර මහල් නිවාස අතරින් යානය ගංගාවකට පදවා ගෙන යාමට නියමුවා ගෙන ඇති තීරණය හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළක්වී තිබේ. නියමුවාගේ එම ක්‍රියාව බොහෝ දෙනාගේ අගය කිරීමට ලක් වී තිබේ.

මෙම අනතුරින් යානයේ ගමන් කළ 58 දෙනාගෙන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>