තැපැල් ඡන්දය හෙට සහ අනිද්දා

null

2015 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට ආරම්භ වේ. ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට (23දා) සහ අනිද්දා (24දා) යන දෙදින තුළ සිදු කෙරේ.

රාජ්‍ය සේවකයින්ගේ පහසුව වෙනුවෙන් සේවා අවශ්‍යතාවන් මත අතිරේක දින කිහිපයක් ද වෙන් කර තිබේ. ඒ අනුව හම්බන්තොට පොලිසියේ නිලධාරීන්ට හැර සෙසු පොලිස් නිලධාරීන්ට ලබන 26 වනදා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

එහෙත් පොලිස් මූලස්ථානයේ සේවය කරන පොලිස් නිලධාරීන්ට හෙට (23) සහ අනිද්දා (24) දිනයන්හිද ඡන්දය භාවිත කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මීට අමතරව මැතිවරණ කාර්යාල නිලධාරින්ට සහ දිස්ත්‍රීක් තේරිම්භාර නිලධාරින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මෙම මස 30 වනදා පහසුකම් සලසා දි තිබේ. හෙට සහ අනිද්දා යන දෙදින තුළ ඡන්දය ප්‍රකාශ කිරිමට නොහැකි වූ රජයේ සේවකයින්ට ලබන 30 වන දා දිස්ත්‍රීක් ලේකම් කාර්යාල වලදි ඡන්දය භාවිත කළ හැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි.

මෙවර පන්ලක්ෂ 41,342 දෙදෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියි.

තැපැල් ඡන්දය පැවැත්වෙන දෙදින තුළ රට පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර තිබෙන බවත්, ඒ යටතේ ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට අමතරව ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් සහිත ජංගම රථ සහ පොලිස් යතුරු පැදිද යොදා ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>