තැපැල් ඡන්ද විමසීම හෙට ඇරඹේ

null

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට (03) දිනයේ ආරම්භ වන අතර ලබන පස්වන සහ හය වන දිනද එම කටයුතු සිදුකිරීමට නියමිතය.

හෙට දිනයේ තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව ඇත්තේ පොලිස් නිලධාරීන්, කලාප කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල සහ ජාතික පාසල්වල ගුරුවරුන් ඇතුලූ කාර්ය මණ්ඩල සඳහායි.

මේ මස 5 සහ 6 යන දෙදින තුළ සෙසු තැපැල් ඡන්ද විමසීම් සිදු කෙරෙන අතර, මැතිවරණ දෙපාර්තමේන්තුවේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන් සඳහා තැපැල් ඡන්දය විමසීමට දින වෙන්කර ඇත්තේ මේ මස 8 වනදායි.

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට මැතිවරණ මහලේකම් කාර්යාලය තීරණය කර තිබෙන අතර තේරීම්භාර නිලාධාරීවරුන්ගේ උපදෙස් පරිදි තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථාන වෙත එම කණ්ඩායම යොමුකිරීමට නියමිත ය.

මේ අතර තැපැල් ඡන්ද විමසන ස්ථාන ඡායාරූප ගතකිරීම, වීඩියෝ ගතකිරීම සපුරා තහනම් වනවා. එමෙන්ම එම ස්ථානවලට ජංගම දුරකථන රැගෙන යාමද සිදු නොකළ යුතු බවයි මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

එමෙන්ම ලකුණු කරනු ලැබූ ඡන්ද පත්‍රිකාවක් කිසිවෙකුටත් ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර, ලකුණු කරන ලද හෝ ලකුණු නොකරන ලද ඡන්ද පත්‍රිකාවක් අදාළ ස්ථානයෙන් පිටතට රැගෙන යාමද මැතිවරණ නීතියට අනුව වරදක්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>