තියුණු සටනකින් පසු අදත් ලංකාවට පරාජයක්
නවසීලන්ත – ශ්රී ලංකා පන්දුවාර 20-20 තරඟාවලියේ පළමු තරඟයෙන් ශ්රී ලංකාව පරදා ලකුණු 3ක තියුණු ජයක් ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.
මෙම තරඟයේ ප්රථමයෙන් ලකුණු රැස්කළ නවසීලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 182ක් ලබා ගැනීමට සමත් විය.
මාටින් ගුප්ටිල් ලකුණු 58ක් හා කේන් විලියම්සන් ලකුණු 53ක් ලබා ගන්නා ලදී.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා පිල ජයග්රහණය තම කණ්ඩායම සතු කරගැනීමට ගත් උත්සහය අසාර්ථක වුණේ අවසන් පන්දු කිහිපයේදීයි.
එහිදී ශ්රී ලංකා පිළට රැස් කිරීමට හැකි වුණේ කඩුලු 09 දැවී ලකුණු 179 ක් පමණයි.
ශ්රී ලංකා පිළ වෙනුවෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 46ක්, මිලින්ද සිරිවර්ධන ලකුණු 42ක් හා තිසර පෙරේරා ලකුණු 28ක් වශයෙන් ලබාගනිමින් කණ්ඩායම ජයග්රහණය කරාගෙන යාමට දැඩි සටනක නිරත වුවද එකින් එක කඩුලු වැටීම හමුවේ එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි විය.
මෙම තරඟාවලියේ දෙවන තරඟය ලබන ඉරිදා පැවැත්වීමට නියමිතය.