තියුණු සටනකින් පසු ඕස්ට්‍රේලියාවට ජය

null

ලෝක කුසලාන තරගාවලියට අදාළව ඕස්ටේ‍්‍රලියාව සහ ශ‍්‍රී ලංකාව අතර පැවැති අද තරඟයෙන් ලකුණු 64ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ඕස්ටේ‍්‍රලියාව සමත් විය.

කාසියේ වාසිය ලබාගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 376ක් ලබා ගැනීමට සමත් වුණි. එහිදී අගනා පිතිහරඹයක නිරත වු ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 102ක් ලබාගත් අතර ස්මිත් ලකුණු 72ක් ලබා ගන්නා ලදී.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 46යි පන්දු 2කදී කඩුලූ 9ක් දැවී ලකුණු 312ක් රැස් කළහා. මෙහිදී දිනේෂ් චන්දිමාල්ට තරගය අතරතුර සිදුවූ ආබාධයක් හේතුවෙන් කී‍්‍රඩා කිරීම සඳහා නැවත පිටියට පැමිණියේ නැත.

අගනා ඉනිමක් ක්‍රීඩාකළ කුමාර් සංගක්කාර සිය එක්දින දිවියේ 24 වැනි ශතකය වාර්තා කරනු ලැබීය.

එසේම ඔහු අඛණ්ඩව තරග තුනකදී ශතක රැස්කළ අතර ලෝක කුසලාන තරගාවලියේදී එැවැනි දක්ෂතාවක් දැක්වූ එකම හා පළමු ක්‍රීඩකයාද සංගා වෙයි.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>