තියුණු සටනකින් පසු ශ්‍රී ලංකාවට ජය

null

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු එක්දින තරඟයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් ලැබිමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (01) සමත්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවැති එම තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් පන්දුවාර 26කට සීමා කෙරුණි.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 26 දී කඩුලු 08 ක් දැවි ලකුණු 159 ක් රැස්කර ගත් අතර ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 163 ක ඉලක්කයක් හිමිවිය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 24.5 කදී කඩුලු 9 කට එම ඉලක්කය පසුකර යාමට සමත් විය.

වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ තිලකරත්න ඩිල්ශාන් පන්දු 32 කදී හයේ පහර 03 ක් සහ හතරේ පහර 06 ක් සමගින් ලකුණු 59 ක් ලබා ගන්නා ලදී.

කෙසේ වෙතත් ලකුණු 152 ක වන විට කඩුලු 09 ක් බිඳ වැටී තිබුණ අතර දක්ෂ පිතිහරඹයක නිරත වුණු අජන්ත මෙන්ඩිස් නොදැවී ලකුණු 21 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය අත්කර දුන්නේය.

තරගයේ විරයා ලෙස ටී.එම් ඩිල්ශාන් නම්කෙරුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>