10 Feb 2015
තිස්සගේ දුව බන්ධනාගාරයට ඇවිත්
කූට ලේඛණ සැකසීමේ චෝදනාවට ලක්ව මේ වන විට බන්ධනාගාර ගතව සිටින හිටපු සෞඛ්‍ය ඇමති තිස්ස අත්තනායක මහතාගේ සුවදුක් බැලීමට ඊයේ දිනයේ ඒ මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක මෙනෙවිය පැමිණ සිටියාය.
එහිදී ඇය කෙරේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුයේ මින් පෙර ඇය මාධ්‍ය ඔස්සේ ඒතරම් පෙනී නොසිටි නිසාවෙන් ය.
එම අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුල්මිණි අත්තනායක ප්‍රකාශ කර සිටියේ සිය පියාණන්ට දහවල් ආහාරයත් රැගෙන පැමිණි බවත්, සිය පියා සුවෙන් සිටින බවත් ඉක්මනින් ඇප ලබාගැනීමට කටයුතු කරන බවත් ය.
දුල්මිණි එංගලන්තයේ නිව් කාසල් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමණාකාරිත්වය පිලිබඳ උපාධිධාරිණියකි.
ඇයගේ ඡායාරූප කිහිපයක් පහතින්.