තිස්ස අත්තනායකගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි

null

තම අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් ගිවිසුමක් අත්සන් කර ඇති බවට පරීක්ෂණයක් කරන්නැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමට අනූව සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කර තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

ඊයේ (30) පෙරවරුවේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තිස්ස අත්තනායක අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා සඳහන් කර තිබේ.

මීට පෙර විපක්ෂ නායකවරයාගෙන් සහ පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගෙන් රහස් පොලිසිය මේ පිළිබඳ ප‍්‍රකාශ සටහන් කරගන්නා ලදී.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>