13 Feb 2015
තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය
හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි අත්තනායක මේ වන විට බොහෝ තරුණයන්ගේ ආකර්ෂණය දින ගැනීමට සමත්වී තිබේ.
ඇය පළමු වරට මාධ්‍ය ඔස්සේ දැකගත හැකි වුයේ තිස්ස අත්තනායක මහතා බන්ධනාගාර ගතව සිටි දිනවල ඔහුව බැලීම සඳහා පැමිණි අවස්ථාවේදීය.
එහිදී ඇය මාධ්‍ය ඔස්සේ අදහස්ද දක්වා තිබු අතර පසුව ඇය අන්තර්ජාලය ඔස්සේද ප්‍රසිද්ධියට පත්වුවාය.
ඇය වෙනුවෙන් ෆේස්බූක් සමාජ ජාලයේ අලුත් පිටුවක්ද ආරම්භ කර ඇති අතර එය නම්කර තිබෙන්නේ “තිස්ස අත්තනායකගේ බෑණාවරුන්ගේ සංගමය” ලෙසිනි.
ඉතා කෙටි කාලයකදී එම ෆේස්බුක් පිටුවට likes 14800කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබීම විශේෂත්වයක් වන අතර දුල්මිණි අත්තනායකට ලැබී තිබෙන ජනප්‍රියත්වය ඉන් පැහැදිලි වේ.
එම ෆේස්බුක් පිටුවේ පළවූ ඡායාරූප කිහිපයක් පහතින්.