තිස්ස අත්තනායක අත්අඩංගුවට

null

පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක අද (02) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සන් ව්‍යාජ ලෙස භාවිත කරමින් ලියවිල්ලක් ප්‍රසිද්ධියට පත්කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 24 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත සිදුකළ විමර්ශනයකදී අදාළ අත්සන් ව්‍යාජ ලෙස භාවිත කර ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ අනුව අද පෙරවරුවේ තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත‍්‍රාත් ජයන්ත නානායක්කාර නියෝග කර තිබේ.

අදාළ චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු වුවහොත් තිස්ස අත්තනායක මහතාට වසර 7කට නොඅඩු සිරදඞුවමක් හිමිවන බව පොලීසිය සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>