තිස්ස අත්තනායක අද සෞඛ්‍ය ඇමති ධූරයට

null

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කිරීම සඳහා එක්වූ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක අද (11) අමාත්‍ය ධුරයක දිවුරුම් දීමට නියමිතයි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ තිස්ස අත්තනායක මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බවයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තීරණය කිරීමත් සමග සෞඛ්‍ය අමාත්‍ය ධුරය හිස්වූ අතර එහි කටයුතු පැවරී ඇත්තේ වැඩ බලන අමාත්‍යවරයෙක්ටයි. මේ හේතුවෙන් බොහෝ දුරට තිස්ස අත්තනායක මහතාට සෞඛ්‍ය ඇමති ධූරය හිමිවනු ඇති බව වාර්තා වේ.

ඔහුගේ දිවුරුම් දීම මහනුවර ජනාධිපති මන්දිරයේදී සිදුකෙරෙනු ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>