තිස්ස අත්තනායක ඉල්ලා අස්වෙයි

null

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මන්ත‍්‍රිවරයා අද පෙරවරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ ජාතික නායක රනිල් වික‍්‍රමසිංහ වෙත භාරදී ඇති අතර එය ඔහු විසින් භාරගෙන නොමැති බවද විපක්ෂ නායක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු හිරු නිව්ස් වෙත සඳහන් කර ඇත.

අද පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවැති රැස්වීමකදී කාර්ය මණ්ඩලය දැනුවත් කර ඒ මහතා මෙලෙස ඉල්ලා අස්වී තිබේ.

කෙසේ වෙතත් තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදු කර නොමැති බව වාර්තා වේ.

එළඹෙන ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට පළ කරනු ඇති බවත්, ඒ වෙනුවෙන් ඔහුට‍ මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් හිස්වූ සෞඛ්‍ය අමාත්‍ය ධූරය හිමිවනු ඇති බවත්, රජයේ ආරංචි මාර්ග සඳහන් කරන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>