17 Jan 2015
තිස්ස අත්තනායක පවුල පිටින් සිංගප්පූරු යයි
හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා දරු දෙදෙනාත් සමග සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
අද අළුයම 1.30 ට පමණ ඔවුහු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් සිංගප්පුරුව බලා පිටත්ව ගොස් ඇත.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 306 දරණ ගුවන් යානයෙන් ඔවුන් එලෙස පිටව ගොස් ඇති අතර මෙම සංචාරයට හේතුව කුමක් දැයි මාධ්‍ය වෙත අනාවරණ වී නොමැත.