තිස්ස එජාපයට එරෙහිව නඩු දමයි

null

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්‍ෂයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් පවරා ඇති බව මව්බිම පුවත්පත වාර්තා කරයි.

ඒ එක්සත් ජාතික පක්‍ෂයෙන් තමන් නෙරපූ බව පවසමිනි. එහි ලේකම් කබීර් හෂීම් මහත්වරුන් ඇතුළු නිලධාරි මණ්ඩලය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් වගඋත්තරකරුවන් කර ඇත.

පසුගිය ජනාධිපතිවරණය සමයේදී තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්ව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට එක්වී සෞඛ්‍ය ඇමැති ධුරය ද ලබා ගත්තේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>