තිස්ස පාර්ලිමේන්තු ඇවිත් ආපසු හැරී යයි

null

නව රජය ප්‍රමුඛ පළමු පාර්ලිමේන්තු රැස්‌වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද සහභාගිත්වයෙන් ඊයේ (20) පැවැත්විණි.

එයට සහභාගී වීමට පැමිණි තිස්ස අත්තනායක මහතා තමාට ආණ්ඩු පක්ෂයේ අසුනක් ලබාදෙනමෙන් ඉල්ලා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ව සිටි ඔහු පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහයදීම සඳහා එක්වූ අතර ඔහුට සෞඛ්‍ය ඇමති ධූරයද පිරිනැමුණි.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වූයේ නොමැති බවත් එහෙයින් ආණ්ඩු පක්ෂයේ අසුනක් ලබා දෙන ලෙසත් තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගෙන් හා කතානායක චමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇතිබව පාර්ලිමේන්තු ආරංචිමාර්ග තුලින් වාර්තා වන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

ඉන්පසු තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තු පුස්තකාලයට වී කාලය ගතකොට ඇත්තේ ඔහුට ආණ්ඩු පක්ෂයේ අසුනක් ලැබෙන තුරුය. නමුත් ඔහුට වෙන්කර තිබුණේ විපක්ෂයේ දෙවන පෙළ අසුනකි. තමන් එක්‌සත් ජාතික පක්‌ෂයේ මන්ත්‍රීවරයෙකු බැවින් විපක්‌ෂයේ අසුන් ගතහොත් සිය මන්ත්‍රීධුරය අහිමිවීමේ අවදානමක්‌ ඇතැයි ප්‍රකාශ කරමින් ඔහු විපක්‌ෂයේ අසුන් ගැනීම ප්‍රතික්‌ෂේප කොට පාර්ලිමේන්තුවෙන් පිටව ගොස්‌ ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>