02 Dec 2014
තෙවැනි තරගයට මහේල නැහැ
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි එක්දින ක්රිකට් තරගයට මහේල ක්රීඩා නොකරන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කර තිබේ.
ඒ වෙනුවට දකුණත් පිතිකරු අශාන් ප්රියන්ජන් කණ්ඩායමට කැඳවා තිබේ.
අද පුවත්පත වාර්තා කරන්නේ ඊයේ (01දා) රාත්රියේ පෞද්ගලික හේතු මත තමන් තෙවැනි තරගයට එක්කර නොගන්නා ලෙස මහේල ක්රිකට් ආයතනයෙන් ඉල්ලා තිබූ බවයි.
ඒ අනුව මෙම තීරණය ගෙන තිබේ. කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වෙන සිව්වැනි එක්දින ක්රිකට් තරගය සඳහා මහේල නැවතත් කණ්ඩායමට පැමිණිමට නියමිතයි.
එංගලන්තය සහ ශ්රී ලංකාව අතර පැවැත්වෙන් තෙවැනි එක්දින තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී හෙට (03දා) ආරම්භ වනු ඇත.