තේ, කිරි තේ සහ ආප්පවලට සහතික මිලක්

null

තේ, කිරි තේ සහ ආප්ප සදහා අද සිට කි‍්‍රයාත්මක වන පරිදි සහතික මිළක් නියම කර ඇතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

ඒ අනුව, මින් ඉදිරියට තේ කෝප්පයක් රුපියල් 10 ක මිලකටත්, කිරි තේ කෝප්පයක් රුපියල් 25 ක මිලකටත් ආප්පයක් රුපියල් 10 ක මිලකටත් අලෙවි කළ යුතු බව එම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ රුවන් ලංකේෂ්වර මහතා පවසයි.

ඉහත මිල ගණන් යටතේ අද සිට පාරිභෝගික ජනතාවට සහන ලබාදෙන ලෙස සියලුම ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටින බවත්, පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කරයි.

ඇතැම් ව්‍යාපාරිකයින් අයවැයෙන් ලබාදුන් සහන පාරිභෝගිකයින්ට නිසි පරිදි ලබානොදීම හේතුවෙන් මෙලෙස සහතික මිළක් නියම කිරීමට තීරණය කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>