දංකොටුවේ 13 හැවිරිදි සිසුවියක් අතුරුදන්

null

දංකොටුව දුම්මලකොටුව ප්‍රදේශයේ 13 හැවිරිදි පාසල් සිසුවියක් දින කීපයක සිට නිවසින් අතුරුදන්ව ඇති බවට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

ඉකුත් 18 වෙනිදා උදෑසන සිට තම දියණිය නිවසින් අතුරුදන් වී ඇති බවට ඇයගේ මව විසින් දංකොටුව පොලීසියට එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

තමන් උදෑසනින්ම රැකියාවට ගොස් නිවසට පැමිණ බලනවිට එදින පාසැල් නොගිය තම දියණිය නිවසේ නොසිටි බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පවසයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ දුම්මලකොටුව කනිෂ්ඨ විදුහලේ 8 වසරේ ඉගෙනුම ලබමින් සිටි දැරියක්.

මෙම දැරිය කිසියම් පිරිසක් බලහත්කාරයෙන් රැගෙන ගියාද යන්න පැති කීපයකින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>