දක්ෂිණ අධිවේගයේ නව වේග සීමා

null

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ දිනවල සිදුකෙරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් වාහන ධාවනය සඳහා නව වේග සීමාවක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහන කොක්මාදූව හා ඉමදූව අතර ප්‍රදේශයේදී පැයට කිලෝමීටර් 40ක වේගයක් රඳවා ගන්නා ලෙසට අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා ඉල්ලා සිටී.

එම කොටසේ කන්දක් නායයාමකට ලක්වීම නිසා එහි ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බවත් මේ නිසා එම මාර්ග කොටසේ ගමන් කිරීමේදී මාර්ගය දෙපස සවිකර තිබෙනා අවවාද පුවරු ගැන සැලකිලිමත් වී ඒ අනුව රථය ධාවනය කරන ලෙසද ඒ මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම සීමාවෙන් ඉවත් වූ පසු යළි පැයට කිලෝමීටර් 80 හෝ 100 වේග සීමාවලින් ධාවනය කළ හැකි බවත් හෙතෙම සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>