දකුණු අප්‍රිකානුවන් හඬවා නවසීලන්තය අවසන් තරඟයට

null

2015 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීම සඳහා පවතී එක තරඟයක් දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය අතර අද පැවැත්විණි.

ඉතාම උණුසුම් අයුරින් මෙම තරඟය පැවැත්වුණු අතර අවසාන ඕවරය තෙක් කුමන කණ්ඩායමක් ජයග්‍රහණය කරන්නේ දැයි පැවතියේ කුතුහලයකි. එසේ වුවත් දකුණු අප්‍රිකානුවන්ගේ බලාපොරොත්තු සුනුවිසුණු කරමින් නවසීලන්ත කණ්ඩායම තරඟයේ ජය ගැනීමට සමත්විය.

නවසීලන්ත ඉතිහාසයේ ඔවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයක් සඳහා සදුසුකම් ලබා ගත්තේ ප්‍රථම අවස්තාවට වන අතර දකුණු අප්‍රිකා කණ්ඩායමක්ද මේ දක්වා ලෝක කුසලාන තරගාවලියකදී අවසන් මහ තරගයක් සඳහා සුදුසුකම් ලබා නොමැත.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පන්දු වාර 43 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 281 ක් රැස් කළ අතර ඩක්වත් ලූවිස් න්‍යායට අනුව නවසීලන්ත කණ්ඩායමට පන්දු වාර 43 කදී ලැබුණු ඉලක්කය ලකුණු 298 ක්.

ඒ අනුව එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී ලකුණු 299 ක් ලබා තරඟය ජයග‍්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ දෙවන තරඟය හෙට ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වේ.

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>