දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් දරුවෙකු වෙනුවෙන් කළ දේ

null

දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සංවේදී සහ නිහතමානී ක්‍රිකට් ක්‍රීඩකයින් සිටින කණ්ඩායමක් ලෙස ප්‍රසිද්ධය. ලොව පුරා ඔවුන්ට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ද බොහෝ සිටිමට එය එක් හේතුවකි.

ඔවුන් කෙතරම් සංවේදී කණ්ඩායමක් ද යන්න, ඔවුන් පසුගියදා ඔක්ලන්ඩ්හි ඊඩ්න් පාර්ක් පිටිය පුරා හෙළූ කඳුළුවලින් සනාථ විය.

ඔවුන් සංවේදී ක්‍රීඩකයින් ලෙස හැසිරෙනුයේ, ක්‍රීඩාංගණය තුළදී පමණක් නොවන බවට දැකගත හැකි වීඩියෝවක් අන්තර්ජාලයෙන් හමුවී තිබේ.

දකුණු අප්‍රිකාවේ කේප් ටව්න් හි වෙසෙන Kieron Adam නමැති 11 හැවිරිදි කුඩා දරුවා සිය ක්‍රිකට් වීරයින් මුණ ගැසීම සඳහා සිහින මවමින් සිට ඇත. ඔහුද සිය පාසැල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන දරුවෙකි.

මේ බව දැනගත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයින් වන හෂීම් අම්ලා, AB ඩි’විලියර්ස්, ඩේල් ස්ටේන් ඇතුළු පිරිසක් පසුගිය ජනවාරි මාසයේ එම කුඩා දරුවාගේ සිහිනය සැබෑ කිරීම සඳහා නොසිතූ මොහොතක දරුවාගේ නිවසට ගොඩ වැදිණි.

සිය ක්‍රිකට් විරුවන් ඇස් ඉදිරිපිට සිටගෙන සිටින ආකාරය දුටු දරුවාට ඇස් අදහාගත නොහැකි විය. ක්‍රිකට් ක්‍රීඩකයින් දැකීමට එම නිවස පිහිටි ප්‍රදේශයේ නිවැසියෝ රොක් වූ අතර ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන් සමග සතුට බෙදාගත්තේ නිහතමානී අයුරෙනි.

එම වීඩියෝව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>