27 Jul 2015
දකුණු ආසියානු නායකයින් එක්විය යුතුයි
මත් උවදුර තුරන් කිරිම සදහා දකුණු ආසියානු කලාපයේ සියලු රාජ්ය නායකයන් පොදු එකගතාවයකින් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා පවසයි.
මාලදිවයිනේ 50 වන ජාතික නිදහස් උළලේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගිවීමට ඊයේ (26) එහි ගිය ජනාධිපතිවරයා මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යමින් අබ්දුල්ලා ගයුම් මහතා සමග පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබේ.
තම පාලන කාලය තුළ ශී්ර ලංකාවෙන් මත් උවදුර තුරන් කිරීමට, විධිමත් දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සහ පරිසර සංරක්ෂණ සදහා වු වැඩපිළිවෙල වඩා විධිමත් කිරීමට කටයුතු කරන බවද ජනාධිපති මෛතී්රපාල සිරිසේන මහතා මෙහිදී පවසා තිබේ.