16 Nov 2014
දඩ මුදල් ගෙවීමට අළුත් ක්‍රමයක්
රථවාහන වැරදිවලදී දඩ ගෙවීම සඳහා ක්‍රෙඩිට් කාඞ් සහ ජංගම දුරකථන මගින් මුදල් ගෙවීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීමට පොලිසිය තීරණය කර තිබේ.
මේ පිළිබඳව කොළඹ අද කැඳවා තිබු මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටියේ නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම මෙහි අරමුණ බවයි.
මෙහි පළමු අදියර ලෙස ජංගම දුරකථන මගින් මුදල් ගෙවීමේ ක්‍රියාවලිය හඳුන්වා දෙනු ලබයි. ඕනෑම ජංගම දුරකථන ජාලයකින් අදාළ දඩ මුදල් ගෙවීම සඳහා අවස්ථාව සැලසෙනු ලැබේ.
අදාළ වැඩසටහන මේ වසර අවසානයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මේ තුලින් දඩ මුදල් ගෙවීමේදී රියදුරන්ට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා මගහැරී විශාල පහසුකම් සැලසෙන බව අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Aneee hondaaa