දඩ සෙල්ෆි ගැන පොලිසියේ අදහස මෙන්න

null

මේ වන විට ෆේස්බුක් සමජජාලය ඔස්සේ දඩ සෙල්ෆි ඡායාරූප බොහෝ ජනප්‍රියත්වයට පත්වී ඇත. තරුණයින් පිරිසක් තමන්ට පොලිස් නිලධාරියෙකු දඩ කොලයක් ලියන අවස්ථාවේ සෙල්ෆි ඡායාරූපයක් ගෙන එය ෆේස්බුක් වෙත එක්කොට තිබුණි.

පසුව මෙය අනුගමනය කරමින් තවත් තරුණයින් එලෙස දඩ කොලයක් ලියන අවස්ථාවේ ලබාගත් සෙල්ෆි ඡායාරූප අන්තර්ජාලයට එක්කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව පොලිසිය දක්වන්නේ කුමන අදහසක් ද යන වග පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ එලෙස ලබාගන්න ඡායාරූප සාක්ෂියක් ලෙස භාවිතා කළ හැකි බවත්, අධිකරණය හමුවේ අදාල වරද සම්බන්ධයෙන් පුද්ගලයාට එරෙහිව නඩු කටයුතු වලටද අදාල ඡායාරූපය යොදාගත හැකි බවත් ය.

එමෙන්ම දඩ කොලයක් ලියන අවස්ථාවේ ඡායාරූප ගෙන ඒවා ෆේස්බුක් ඔස්සේ පළකිරීම තුලින් පොලිසිය දඩ ගසන බවට ජනතාව දැනුවත් වන බවද ඔහු සඳහන් කර තිබේ.

අන්තර්ජාලයට එක්කර ඇති නවතම ඡායාරූප පහතින්…

null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>