දත් පහරකින් මිනිසෙකු මැරිය හැකි කොමඩෝ මකරෙකු පැනයයි

null

දෙහිවල සත්වෝද්‍යානය භාරයේ සිටියදී විස සහිත කොමඩෝ ඩ‍්‍රැගන් ලෙස හඳුන්වන උරග වර්ගයට අයත් ඉතා දුර්ලභ සත්වයා සත්වෝද්‍යානයේ කූඩුවෙන් පිටතට ගොස් තිබේ.

සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් අනුර ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේ සත්වෝද්‍යානයෙන් ඉවතට ගොස් සිටි මෙම කොමඩෝ මකරා ඊයේ පස්වරුවේම යළි සත්වෝද්‍යානයට රැගෙන ආ බවයි.

කොමඩෝ ඩ‍්‍රැගන් පසුගිය 24 වැනිදා සිය කූඩුවෙන් පැනගොස් ඇති බව අනාවරණ වී ඇති අතර පසුව සත්වෝද්‍යානයේ බලධාරීන් ඒ පිළිබඳව සොයා බැලීමේදී දෙහිවල – නැදිමාල ප‍්‍රදේශයේ අසාමාන්‍ය සත්වයෙක් සැරිසරන බවට වාර්තාවී තිබේ. ඉන් අනතුරුව නැදිමාල ප‍්‍රදේශයට ගොස් සත්වෝද්‍යාන සේවකයින් අදාළ සත්වයා පිළිබඳව පරීක්ෂණ සිදුකර පසුව එම ප‍්‍රදේශයේ ඇළ මාර්ගයක සිටියදී අතුරුදන්වූ කොමඩෝ ඩ‍්‍රැගන් ඊයේ දිනයේදී සොයාගෙන තිබේ.

මෙම සත්වයා සොයාගන්නා අවස්ථාවේදී කිසියම් පිරිසක් විසින් පහරදීම හේතුවෙන් සිරුරේ ඇතැම් ස්ථානවල තුවාලද දක්නට ලැබුණු බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසයි.

ඉන්දුනීසියාවේ – කොමඩෝ දූපතට ආවේනික, උරග ගණයට අයත් මෙම සත්වයා වඳවීමේ තර්ජනයටද ලක්ව සිටින අතර සත්වයාගේ විශේෂත්වය වන්නේ අතිශය දුර්ලභ සහ අධික විෂ සහිත වීමයි. මෙම සත්වයාගේ පහරකෑමකට ලක්වන පුද්ගලයෙකු ඉතා සුළු වේලාවක් තුළ මියයන බව සත්වවේදීන් පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>