දම්වැලකින් බැඳ තිබූ දැරියක් මීගමුවේ නිවසකින් සොයාගනී

001
කොච්චිකඩේ, මඩම්පැල්ල ප්‍රදේශයේ නිවසක් තුළ දම්වැල් දමා බැඳ සිටි 10 හැවිරිදි දැරියක් ඊයේ පොලීසිය විසින් සොයා ගනු ලැබ තිබේ. පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ උදෑසන එම දැරිය සොයාගත් බව පොලීසිය පවසයි.

පසුව කල පරීක්ෂණ වලදී අණාවරණය වී ඇත්තේ දැරියගේ මව විසින් ඇය එලෙස බැඳ දමා ඇති බවයි.

ඒ අනුව දැරියගේ මව මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ අත්අඩංගුවට ගත් 34 හැවිරිදි අදාළ කාන්තාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ය.
අත්අඩංගුවට ගත් මව කුලී වැඩ කරන්නියක බව ත් ඇය නිවසින් පිටව යන අවස්ථාවලදී දැරිය කාමරයක් තුළ දම්වැල් දමා බැඳ සිරකර යන බවට ත් තොරතුරු අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ, අදාළ කාන්තාවගේ තව ත් සිව් හැවිරිදි පිරිමි දරුවෙකු ද අසල නිවසක සිටියදී සොයා ගත් බව ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>