දමිතාගේ අවමංගල්‍ය උත්සවයේදී සනෝජාගේ ලක්ෂ 35ක ආභරණ සොරාගෙන

null

රංගන ශිල්පිනී සනෝජා බිබිලේ මහත්මියට අයත් රුපියල් ලක්ෂ 35 කට අධික ස්වර්ණාභරණ තොගයක් සහ රුපියල් විසි දහසක මුදලක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබෙන බව වාර්තා වෙයි.

සනෝජා බිබිලේ මහත්මිය ඊයේ (29) පස්වරුවේ අභාවප‍්‍රාප්ත දමිතා සළුවඩන මහත්මියගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වූ අවස්ථාවේදී මෙම කොල්ලය සිදුව ඇති බව පොලිසිය පවසයි.

සනෝජා බිබිලේ මහත්මිය සිය ස්වර්ණාභරණ සහ මුදල් මෝටර් රථය තුල තබා අවමංගල්‍ය උත්සවයට සහභාගී වී තිබේ.

එහිදී කිසියම් පිරිසක් මෝටර් රථයේ පිටුපස වීදුරුව කඩා එහි තිබූ ස්වර්ණාභරණ සහ මුදල් කොල්ලකා ඇති බව විමර්ශන වලදී අනාවරණ ඊ ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ කි‍්‍රයාත්මක අතර මේ වන තෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව වාර්තා වෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>