දමිළ සිසුවිය දුෂණය කරමින් වීඩියෝ කරලා

null

යාපනය – කයිට්ස් – පුංගඩතිව් දූපතේදී දෙමල විදුහලේ උසස්පෙළ හදාරන 18 හැවිරිදි පාසල් සිසුවිය දුෂණය කරන අතරතුර ඝාතකයින් එය ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කර ඇති බවද වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිසිය පවසන්නේ මොවුන් අටදෙනාම වරින්වර සිසුවිය දුෂණය කර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී ඇති බවයි.

මොවුන් අතරින් එක සැකකරුවෙකු ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි අයෙක් වන අතර සිද්ධිය ජංගම දුරකතනයකින් වීඩියෝ ගත කර ඇත්තේ ද ඔහුය.

මෙම සැකකරුගේ නිවාස ප්‍රදේශවාසීන් විසින් ගිනි තබා විනාශ කර තිබෙන අතර ඔහුගේ බිරිඳ දරුවන් සහ නැන්දනිය ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවේ යයි බියෙන් පොලිස් ස්ථානයට පැමිණ සිට ඇත.

අත්අඩංගුවට ගත සැකකරුවන් ඊයේ කුඩිකට්ටුවන් පොලිස් මුරපොළට රැගෙන ආ අවස්ථාවේ කුපිත වූ ප්‍රදේශවාසීන් ඔවුන්ට පහරදීමට උත්සහ කර තිබෙන අතර එම අවස්ථාවේ නොසන්සුන්තාවයක් ඇති විය.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>