15 May 2015
දමිළ සිසුවිය දුෂණය කර ඝාතනය කෙරේ
යාපනය – කයිට්ස් – පුංගඩතිව් දූපතේදී දෙමල විදුහලේ උසස්පෙළ හදාරන 18 හැවිරිදි පාසල් සිසුවියක් ගෙල මිරිකා මරා දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
පසුගිය මැයි 13 වනදා මෙම තරුණිය නිවසින් අතුරුදන්වී ඇති බවට ඇගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව කළ සොයාබැලීම් වලදී ඇයගේ සිරුර මෙසේ සොයාගෙන තිබේ.
මේ අතර, තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
මෙම සිසුවිය පෙරේදා පාසල් යද්දී සැකකරු ඇයව පැහැරගෙන ගොස් දුෂණය කර පසුව ඝාතනය කර ඇති බව පොලිසිය සැක කරයි. ඇය සැකකරු සමග පොර බදන්නට ඇති බවට වන සාක්ෂිද සොයාගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත සැකකරුවන් තිදෙනා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.