දඹුල්ලේ බැංකු කොල්ලකරු අල්ලන්න පොලිස්‌ කණ්‌ඩායම් 4ක්‌

null

දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික බැංකුවකට කඩා වැදී රුපියල් අට ලක්‍ෂයක මුදල් කොල්ලකා බැංකු සේවකයකුද ප්‍රාණ ඇපයට ගෙන පලා ගිය කොල්ලකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් 4 ක්‌ පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බැංකු ආරක්‍ෂක නිලධාරීන් ඇතුළු පුද්ගලයන් පිරිසකගෙන් මේ වන විට ප්‍රශ්න කර කට උත්තර ලබා ගෙන තිබේ.

පොලිසිය බැංකු කොල්ලය සම්බන්ධයෙන් වන සී.සී.ටී.වී දර්ශන ද පරික්ෂා කර ඇත. කෙසේ වෙතත් කොල්ලය සිදුකළ තැනැත්තා කුඩා මුහුණු ආවරණයක් පැළඳ සිටීම නිසා ඔහු හඳුනා ගැනීමට අපහසු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පෙරේදා (13) පෙරවරුවේ දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි පෞද්ගලික බැංකුවට බෝම්බයක්‌ රැගෙන පැමිණි කොල්ලකරු, සේවකයන් බිය ගන්වා රුපියල් අටලක්‍ෂයකට ආසන්න මුදල් කොල්ල කාගෙන පලා ගොස්‌ තිබිණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>