23 Nov 2014
දඹුලු ගොවියෝ ළුෑණූ තොග පාරට හලයි
ළුෑණු ගොවීන් පිරිසක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට මේ වන විට උද්ඝෝෂණයක නිරත වනවා. ඒ, ලොකු ළුෑණු ආනයනය කිරීම නතර කරන ලෙස රජයට බලකරමින්.
ලොකු ළුෑණු කිලෝව තොග ගණණේ රුපියල් 40 ටවත් විකුණා ගත නොහැකි බව ගොවීහු කියති. නමුත් කිලෝව සිල්ලර මිල රුපියල් 90-95 කි.
මෙයින් කෝපයට පත්වී ඇති ගොවීන් ලොකු ළුෑණූ තොග මහා පාරට හලා මහනුවර, යාපනය ඒ නවය මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වෙන බව වාර්තා වේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ දඹුල්ල ප්‍රදේශයේ රථ වාහන ධාවනය ඇනහිට ඇති බවද සඳහන්.