දරුණු වන අලින්ට හිරගෙදරක්
දරුණු වනඅලින් ගාල් කිරීම සඳහා අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ ඉදිකෙරුණු වනඅලි රැඳවුම් මධ්‍යස්ථානය ඊයේ (16) විවාත කර තිබේ. ඒ තිරසාර සංවර්ධන හා වන ජීවී අමාත්‍යව ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින්.
මෙහිදී පින්නවල අලි අනාතාගාරයේ වසර 9ක් රඳවා සිටි හීලෑ නොමැති වන අලියෙකු මුදාහැර තිබේ.
මිනිසුන්ට පීඩා කරන දරුණු වනඅලින් අල්ලා ගාල් කිරීම සඳහා රජයට අයත් අක්කර 2300 ක ස්වාභාවික කැලෑව ආශ්‍රිතව මෙම රැුදවුම් මධ්‍යස්ථානය ඉදිකර තිබේ. මෙවැනි මධ්‍යස්ථානයක් ඉදිකර ඇත්තේ ලොව පළමු වතාවට බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.
අක්කර 2300ක කැලෑ ප්‍රදේශය වටකර ආරක්ෂිත විදුලි වැටක් ඉදිකර ඇති නිසා අලි ඇතුන්ට ඉන් පිටවීමට හැකියාවක් නොමැත. විදුලි වැටෙන් ආවරණය වූ කැලෑ ප්‍රදේශයේ ඇති වැව් ප්‍රතිසංස්කරණය කර අලි ඇතුන්ට අවශ්‍යතාව සැපරීමටද වනජීවී දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
වනඅලි මරණ වලට වගකිවයුතු පුද්ගලයින්ට මිනී මැරුම් චෝදනාවලට සමාන දඩුවම් ලබා දීමට ඉදිරියේදී කටයුතු සම්පාදනය කරන බවද අමාත්‍යවරයා පවසයි.