02 Oct 2015
දරුවන්ගේ ආරක්ෂාවට දුරකතනයක්
දෙමාපියන්ගේ අනුමැතිය සහිතව දුරකතන අංක තුනකය පමණක් ඇමතුම් ලබාගතහැකි ඩිජිටල් තාක්ෂණික උපාංගයක් ඉදිරි සතියේදී දරුවන් වෙනුවෙන් හඳුන්වා දෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙමඟින් දරුවා සිටින ස්ථානය වෙනස් වන විට ඒ පිළිබඳව දෙමාපියන්ගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ඉබේම යැවෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ජංගම දුරකථනයක් වුවත් මෙහි තිරයක් නොමැති නිසා ක්‍රීඩා කිරීමට හෝ වෙනත් කටයුතු සඳහා යොදාගැනීමට නොහැකි බවද අමාත්‍යවරයා මෙහිද පැවසුවේය. මින් 119 හදිසි ඇමතුම් අංකයටද ඇමතුම් ගත හැකිය.
මෙම උපකරණය පාසලේදීත් ළඟ තබා ගැනීමේ අවස්ථාව දරුවන්ට ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ද ලැබී තිබේ.