දරුවන් සමග රන් හොරකමේ යන අම්මලා

null

දඹුල්ල නගරයේ රන් භාණ්ඩඅලෙවි සැලකින් රුපියල්99,000ක් පමණ වටිනා රන් වළල්ලක් සොරකම් කළ කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඔවුහු දඹුල්ල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි කටුබැද්ද, පානදුර සහ සීදූව ප‍්‍රදේශවල පදිංචිකාරියන් බවද පොලීසිය හෙළිකර ගෙන තිබේ.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී වළල්ල කාණුවකට දමා තිබියදී සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට පත් සැකකාරියන් මව සහ දියණියන් වන බවත් පොලීසිය සඳහන් කරයි.

මොවුන් විටින් විට දුර පළාත් වලට ගොස් එලෙස රන් භාණ්ඩ සොරකම් කරන බවට තොරතුරු ලැබී ඇති බවද පොලිසිය පවසයි.

සී.සී.ටී.වී කැමරාවක සටහන්වූ පින්තූර පෙළින් මේ පිරිස සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ හඬා වැටුණු එම කාන්තාවන් පොලිසියට පවසා ඇත්තේ නැති බැරි කම නිසා වරද සිදුකල බවයි.

null
null

pics – lankadeepa

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>