26 Nov 2014
දරුවාට වස පොවා පියාත් වස බිලා
මඩු – කච්චනාමරදමඩු ප්‍රදේශයේදී පියෙකු තම වයස අවුරුදු එක හමාරක දරුවාට වස පොවා තමා ද වස පානය කර සිය දිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ.
ඊයේ දිනයේ මෙම සිද්ධිය වාර්තා ව ඇති අතර විෂ ශරීරගත වු බිළිඳා ප්‍රතිකාර සඳහා පෙරියපන්ඩි, විරිච්චාන් රෝහලට ඇතුළත් කර ඇති නමුත් එහිදී ඔහු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
අසාධ්‍ය තත්ත්වයේ පසුවන පියා මන්නාරම රෝහලට මාරු කර තිබේ.
මියගිය දරුවාගේ මවද මාස කිහිපයකට පෙර වස පානය කර සියදිවි හානි කර ගෙන ඇති අතර මේ හේතුවෙන් ඇතිවු සිත්තැවුලක් මත මෙම අපරාධය සිදු කරගන්නට ඇති බව පොලිසිය සඳහන් කරයි.