දරුවා කිරි ඉල්ලා හඬද්දී කාමාතුරයන් 10 දෙනෙක් මවක් දුෂණය කරලා

null

ගම්පොළ – සිංහපිටිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක් දස දෙනෙකු විසින් දුෂණයට ලක්කර තිබේ. මෙම සැකකරුවන් 10 දෙනා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පොළ මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

එම ප්‍රදේශයේම පදිංචි මෙම සැකකරුවන්ගෙන් 9 දෙනෙකුම විවාහකයන් බවට වාර්තා වෙයි. එමෙන්ම මොවුන් අතර යුධ හමුදා සෙබලෙකු ද වන බව වාර්තා වෙයි.

31 හැවිරිදි මෙම කාන්තාවගේ සැමියා යුධ හමුදාවේ සේවය කරමින් සිටියදී පාදයක් ඉවත් කළ අයෙක්. සැමියා නිවාස තුළ නොමැති අවස්ථාවකදී නිවසට පැමිණි මෙම 10 දෙනා ඇයට තර්ජනය කර ඇයව දුෂණය කර තිබේ. දරුවා නිදා සිටිද්දී ඇය නිවස පිටුපස දිය නාමින් සිටින අවස්ථාවේ මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූ තිබේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ පසුවන යුධ හමුදා සෙබලා පිළිබඳව විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට යුධ හමුදාව තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානය පෙන්වා දෙන්නේ අදාළ යුධ හමුදා සෙබලාගේ සේවය මේ වන විටත් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන ගම්පොල පොලීසියට අවශ්‍ය පූර්ණ සහය ලබාදෙන ලෙස යුධ හමුදාපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව යුධ හමුදා මූලස්ථානය සඳහන් කරයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලබන පොලිස් පරීක්ෂණවලට සමගාමීව යුධ හමුදා පොලීසිය විසින් පවත්වනු ලබන පරීක්ෂණයක් සහ යුධ හමුදා පනතට අනුව මූලික පරීක්ෂණ උසාවියක් ද පත්කිරීමට පියවර ගෙන තිබේ.

අදාළ පරීක්ෂණවලින් අත්අඩංගුවේ පසුවන යුධ හමුදා සෙබලා වරදකරුවෙකු කරනු ලැබුවහොත් යුධ හමුදා පනතට අනුව දැඩි දඞුවම් ලබාදීමට කටයුතු කරන බව යුධ හමුදා මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>