දරුවා දුම්රියට තල්ලූ කළ මව රිමාන්ඩ්

null

තම හය හැවිරිදි දරුවා දුම්රියට තල්ලු කර ඝාතනය කිරීමට උත්සාහ කළ මව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ, මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර හමුවට සැකකාරිය සහ දරුවා ඊයේ ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

එමෙන්ම අදාළ කාන්තාව මනෝ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර මානසික වෛද්‍ය වාර්තාවක් ලබාගන්නා ලෙසද බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ත‍ිබේ.

දරුවා තාවකාලිකව පේරාදෙණිය ප්‍රදේශයේ ළමා නිවාසයක් වෙත යොමු කිරීමට ද අධිකරණය නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

36 හැවිරිදි මෙම මව මහනුවර පොලීසියට ආසන්න දුම්රිය හරස් මාර්ගයේදී දරුවා දුම්රියට තල්ලූ කිරීමට උත්සාහ කර තිබුණේ ඊයේ දහවල්. පසුව එම ස්ථානයේ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ කොස්තාපල්වරියක් මැදිහත්වී දරුවා බේරාගෙන තිබුණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>