දරුවා පැහැරගන්න හදද්දී බේරාගත් වීර මවක්

null

නිධානයක් ලබා ගැනීමට බිලිදීම සදහා පස් හැවිරිදි පිරිමි දරුවෙකු පැහැරගෙන යාමට ගත් උත්සාහයක් ව්‍යර්ත වීමේ පුවතක් එප්පාවල – කැලේඅමුණුකොළය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

එප්පාවල, කැලේ අමුණුකොළය ප්‍රදේශයේ පිහිටි නිවසකට පෙරේදා (10) රාත්‍රියේ පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති අතර ඔවුන් කාන්තාවගේ ස්වාමි පුරුෂා පිළීබදව විමසා ඇත.

පසුව ඔවුන් එම නිවසේ සිටි දරුවා ව පැහැරගෙන යෑමට උත්සාහ දරා තිබේ. එම අවස්ථාවේ දී නිවසේ සිටි දරුවාගේ මව ඔවුන් දෙදෙනා සමග පොරබදා තම පුත්‍රයා බේරාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් දරුවාගේ මව වන චම්පිකා නයනා කුමාරි මහත්මිය එප්පාවල පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ. තමන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ චම්පිකා නයනා කුමාරී (අවු.24) මහත්මිය මෙසේ සඳහන් කර තිබේ.

“මම හවස 7 ට විතර ගෙදර එළියෙ තියෙන බුදුපහන පත්තු කරන්න එළියට ආවා. ඒ වෙලාවෙ පුතා ගේ ඇතුළේ කාමරේ කෑම කකා හිටියේ. මම පහන තියලා ගෙට යන්න හදද්දි ජැකට් දාගත්තු පිරිමි දෙන්නෙක් ඇවිත් මගෙන් ඇහුවා නංගි මල්ලි ඉන්නවාද කියලා. මම කිව්වා මහත්තයා තාම වැඩ ඇරිලා ආවෙ නෑ කියලා.

මහත්තයා එන්න රෑ වෙනවාද කියලා ඇහුවා එයාලා. ඊට පස්සේ එක්කෙනෙක් ඇවිත් මගේ උරහිස තදින් මිරිකලා ඇහුවා ‍පුතා ඉන්නවාද කියලා. මම ඇහුවා ඇයි පුතා ගැන අහන්නෙ කියලා. මම කෑ ගහන්න හදද්දි මගේ කොණ්ඩෙන් ඇල්ලුවා. මගේ ඇඟට පිහියක් තියලා කෑ ගහන්න එපා කිව්වා. මට කෑ ගහන්න දුන්නෙ නෑ.

මම ඒ ආපු අයත් එක්ක දැඟලුවා. ළමයා ගන්න එක මිනිහෙක් ගෙට යන්න හැදුවා. මම ඒ මනුස්සයාගේ ජැකට් එකෙන් ඇද්දා. ඒ මනුස්සයා මගේ කකුල්වල පැටලිලා වැටුණා. ඒත් එක්කම අනිත් මනුස්සයාට මම මගේ අතින් ගහලා දුවගෙන ගිහින් පුතා හිටපු කාම‍රයේ දොර වැහුවා. ඊට පස්සේ උන් දොර අරින්න දැඟලුවා. ඊට පස්සෙ මම මල්ලිට කතා කරලා ඉක්මනට ගෙදර එන්න කිව්වා. උන් කෝල් එක දෙනවා ඇහිලා පැනලා ගියා.

මම එවෙලාවෙම රෑ ගිහින් එප්පාවල පොලීසියේ මට වෙච්ච සිදුවීම පැමිණිලි කළා. නමුත් මට පොලීසියෙන් සාධාරණයක් ඉටු‍වුණේ නෑ. මට පොලීසිය සිදුකරන පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්න බෑ. මගේ දරුවා පැහැර ගෙන යන්න එදා බැරිවුණාට කොයි වෙලේ හරි පැහැර ගෙන යයි කියලා මට බයයි. මේ ගැන පරීක්ෂණ කරන්න කියලා මම ඉල්ලන්නේ. මට දැන් දරුවා කොහේ තියාගෙන හිටියත් බයයි. මගේ දරුවාට වෙච්ච දේ තවත් දරුවකුට වෙනවා දකින්න මම කැමති නෑ”

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කර ඇත්තේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>