දරුවා පැහැරගෙන දින 4යි – මෙතෙක් හෝඩුවාවක් නොලැබේ

dinindu
ගල්ගමුව – මීගලෑව ප‍්‍රදේශයේ වී මෝල් හිමියකු වන මහින්ද කුමාර මහතාගේ සිව් හැවිරිදි පුතු දිනිඳු යශේන් ඒකනායක පැහැර ගෙන ගොස් මේ වන විට දින 4ක් ගත වී ඇත. නමුත් දරුවා පිලිබඳ කිසිදු හෝඩුවාවක් මෙතෙක් නොලැබුණු බව පොලිසිය පවසයි.
පසුගිය 29 වැනිදා යතුරු පැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු දරුවාගේ පියාටත් පහරදී දරුවා රැගෙන පළාගොස් තිබුනා.

කෙසේ වෙතත් අසල ළිඳක් ළඟ ලේ පැල්ලමක් තිබෙන බවට ලැබණු තොරතුරක් සමඟ එම ළිඳ වතුර මෝටර් දමා හිස් කළ නමුත් කිසිත් සොයාගත නොහැකිවී ඇත.

මෙම දරුවා සොයාගැනීම සඳහා තවදුරටත් මහජන සහය අපේක්ෂා කරන බව පොලිසිය පවසන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් ඒ සඳහා දුරකථන අංක දෙකක් පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. ඒ අනුව 071 813 7007 යන අංකය ඔස්සේ වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් ජගත් අබේසිරිගුණවර්ධනට හෝ 077 47 84 635 යන දුරකථන අංකයෙන් නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අලහකෝන් වෙත තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි.

පහත දැක්වෙන්නේ ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ඡයාරූප කිහිපයකි.

001

002

003

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>