දරුවා බේරාගැනීමට ගිය මාමා විදුලිසැර වැදී මරුට

null

රාජගිරිය – ඔබේසේකරපුර ප්‍රදේශයේ නිවසට ඉහළින් ඇති අධිබල විදුලි රැහැනක දැවටුණ දරුවෙකු බේරා ගැනීමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන් පදිංචිව සිට ඇත්තේ දෙමහල් නිවසක වන අතර උඩුමහලේ කොන්ක්‍රීට්‌ ස්‌ලැබ් එකට අඩි 5 ක්‌ පමණ ඉහළින් වොල්ට්‌ 33000 ක අධි බල විදුලි රැහැන් ඇද තිබී ඇත. මේ හේතුවෙන් එම උඩුමහලට යෑම අවහිර වෙන අයුරින් ආරක්‍ෂිත ගේට්ටුවක්ද දමා තිබේ.

සිද්ධිය වූ පසිගිය 21 වනදා එම නිවසට යාබද ඥතී නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර එයට සහභාගී වූ දරුවෙකු පසුපස නිවසේ උඩු මහළින් සිද්ධිය වූ නිවසේ අනාරක්‌ෂිත උඩුමහලට ඇතුළු වී තිබේ. විදුලි රැහැන යටදී දෑත් ඔසවා තම කමිසය ගැලවීමට උත්සාහ කිරීමේදී ඔහුට විදුලි සැර වැදී කමිසයට ගිනි ඇවිලී තිබේ.

එම අවස්ථාවේදී දරුවා බේරාගැනීමට ඔහුගේ පියා සහ මාමා කෙනෙකු වන අදාල පුද්ගලයා පැමිණ තිබේ. එහිදී එම පුද්ගලයාටද විදුලිසැර වැදී තිබෙන අතර පසුව ඔහු රෝහල වෙත රැගෙන ගියද ඒ වන විටත් මියගොස්‌ සිටි බව වෛද්‍යවරුන් පවසා තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි ලක්‌ෂ්මන් සරත්චන්ද්‍ර නමැති පුද්ගලයෙකි.

පොලිසිය සදහන් කළේ අනතුරින් තුවාල ලැබූ දරුවා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම අනාරක්ෂිත විදුලි රැහැන් සම්බන්ධයෙන් විදුලි බල මණ්‌ඩලය දැනුවත් කර පෙත්සම් ඉදිරිපත් කළත් කිසිදු පියවරක්‌ නොගත් බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>