දරුවා මුහුදට තල්ලු කළ පියාගෙන් පාපොච්චාරණයක්

null

අවුරුදු දෙකක් වු තම දියණිය සහ බිරිඳ කොස්ගොඩ ප‍්‍රදේශයේදී මුහුදට තල්ලු කළේ පවුල් ආරවුලක් හේතුවෙන් බව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා පාපොච්චාරණයක් කර තිබේ.

ඔහු පොලිසියට පවසා ඇත්තේ කලක් තිස්සේ පවුලේ පැවති ගැටුම්වල ප‍්‍රතිඵලයක් ලෙස තම දියණිය සහ බිරිඳ මුහුදට තල්ලු කර ඝාතනය කිරීමට තීරණය කළ බවයි.

කෙසේවෙතත් තමන්ට දියණිය ඝාතනය කිරීමේ කිසිඳු උවමනාවක් නොතිබු බවත් අවශ්‍ය වී තිබුණේ බිරිඳ පමණක් ඝාතනය කිරීම බවත් ඔහු පාපොච්චාරණය කර තිබේ.

එම සිද්ධියෙන් දිවි බේරාගත් බිරිඳ පොලිසියට මෙසේ ප්‍රකාශ කර තිබේ…

“එයා මාවයි දරුවයි අරගෙන ගල උඩට ගිහිල්ලා තල්ලු කරලා දැම්මා. මම සැක හිතිලා හැරෙනකොටම මට මතක මාව වතුරට වැටුණා විතරයි. මගෙත් එක්ක දරුවා වැටුණේ නැ. දරුවා ගල් දෙබෝක්කාවක් අසලින් මහා රැල්ලක් ආවා එතනට වැටෙන්න ඇති. එයා දකින්න ඇති දරුවා වැටෙනවා. මාව යටට ගිලිලා ගියා. යටට ගිලෙනකොට රළ පාරක් ඇවිල්ලා ගලක් වගේ අහුවුණා. ඒක අල්ලාගෙන බොහොම අමාරුවෙන් මම ගොඩට ආවේ.”

තම ස්වාමි පුරුෂයා වෙනත් කාන්තාවක් සමග අනියම් සබඳතාවක් පවත්වා ගෙන යන බවට සැකයක් පහල වී තිබු බවත්, ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම තම ස්වාමියා සමග ආරවුල් ඇතිකර ගත් බවත් ඇය පොලිසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන්.

සැකකාර පියා 29 හැවිරිදි අයෙකු වන අතර ඔහු වෘතියෙන් පෙදරේරුවෙක්. ඔහු බලපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත් ඉසෙඩ්.ඊ. ලියාකාත් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>