27 Sep 2015
දරුවෙක් ගුවන් යානයක් ගොඩබස්සවයි
ඉන්දුනීසියාවේ ගරුඞා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් හදිසියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා තිබේ.
ඉන්දුනීසියාවේ ජකර්තා සිට සෞදි අරාබියේ ජෙඩා නුවර දක්වා ගමන් කරමින් තිබු බෝයිං 777 වර්ගයට අයත් ගුවන් යානයක් අද පස්වරු 4.00ට පමණ මෙලෙස ගොඩබස්වා ඇති බව සඳහන්ය.
එම ගුවන් යානය තුළ සිටි අවුරුදු 3ක කුඩා දරුවෙකු හදිසියේ ඇඳ වැටීමෙන් හිසට සිදු වූ බරපතල තුවාලයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙලෙස හදිසියේ මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට ගොඩබස්වා තිබේ.
එම දරුවා ගුවන් තොටුපොළ වෛද්‍ය ඒකකය විසින් පරීක්ෂා කෙරුණු අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහරෝහලට ඇතුළත් කර ඇත.