දරුවෙකුට ලිංගික අතවර කළ සෙබළා දැලේ

null

වයස අවුරුදු 12 ක් වන බාල වයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අතවරයක් සිදු කළ බව කියන යුධ හමුදා සෙබළෙකු නවගත්තේගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නවගත්තේගම, කොන්ගස්වල ප්‍රදේශයේදී සැකකරු විසින් මෙම අපරාධය සිදු කර ඇති බව පොලීසිය කියයි. සැකකරු 25 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට අනුයුක්තව යාපනය ප්‍රදේශයේ කඳවුරක සේවය කරන බවට අනාවරණය වී ඇත.

නිවාඩු ලබා නිවසට පැමිණ සිටි සැකකාර සෙබළා පසුගිය 10 වැනිදා නැවත සේවයට වාර්තා කළ යුතුව තිබී ඇත.නමුත් ඔහු සේවා කඳවුරට වාර්තා නොකර නිවසේ රැඳී සිටි කාලයේදී මෙම අපරාධය සිදු කර ඇතැයි සඳහන්ය.

සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

නවගත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>