දරු කලළ දෙකක් කටේ රුවාගෙන උපන් බිළිඳියට විශ්මිත සැත්කමක්

null

වර්ධනය නොවී මියගිය දරු කලළ දෙකක් මුඛයේ එල්ලෙමින් උපත ලැබූ දැරියක බේරාගැනීම කළ සැත්කමක් සාර්ථක වූ බව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසයි.

මහමෝදර මහ රෝහලේ දී උපත ලද මේ දැරිය කුසේ සිටියදී දරුවාගේ යම් ගැටළුවක් ඇති බවට වෛද්‍යවරු සැක කළ අතර සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකර තිබුණි.

උපන් බිළිඳියගේ කටේ විශාල ගෙඩියක් එල්ලෙමින් තිබි ඇති අතර මේ හේතුවෙන් ඇගේ කට වැසීමටද නොහැකිව තිබී ඇත. දැරියට මව් කිරි බීමට ද හැකියාවක් තිබී නැත. ඇය නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කළ වෛද්‍යවරු උදරයෙන් බටයක් යවා ඇයට මව්කිරි දිමට කටයුතු කර තිබේ.

පසු දින කරාපිටිය රෝහලේ දී දැරිය පරීක්ෂාකළ වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඇය ශල්‍යකර්මයකට යොමු කළ යුතු බවයි.

ශල්‍ය කර්මයෙන් ගෙඩිය ඉවත් කළ පසු පෙනී ගියේ එය ගෙඩියක් නොව වර්ධනය නොවූ කලළයක් බවයි. එම කොටස් වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කළ අතර එහි එක් කලලයක් නොව වර්ධනය නොවූ කලල දෙකක් ඇති බව දැනගන්නට ලැබී ඇත.

වෛද්‍යවරු පවසන්නේ මෙය ඉතා දුර්ලභ තත්ත්වයක් බවයි. සැත්කමින් පසු දැරිය ඉතා හොඳින් සිටින බවත් දැන් මවගෙන් කිරි උරා බොන බවත් වෛද්‍යවරු කියති. එසේ වුව ද ඇගේ උඩු තල්ල දෙකට ඛෙදී ඇති බැවින් ඇයගේ කථන හැකියාව වර්ධනය කිරීම සඳහා වසර එකහමාරකින් යළි උඩු තල්ලේ සැත්කමක් කළ යුතු බවත් වෛද්‍යවරුන්ගේ නිගමනයයි.

ළමා ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්.කස්තුරි හා මුඛ හනු හා මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඩී.කේ.ඩයස් මහතා ශල්‍ය කර්මය සිදුකළහ. නිර්වින්දන කටයුතු සිදුකරන ලද්දේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ප්‍රශාන් කුරේ මහතා විසිනි.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>