දරු තිදෙනා සමග දුම්රියට පැනීමට ගිය මවක්

null

තම දරුවන් තිදෙනා සමග දුම්රියට පැන සියදිවි හානි කරගැනීමට තැත්කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව අනුරාධපුර පොලීසිය සඳහන් කරයි.

තම සැමියා රක්ෂිත බන්ධනාගාර ගතවූ නිසාවෙන් දරු තිදෙනා ජීවත් කරවීමේ ගැටළුව හේතුවෙන් ඇය මෙලෙස සියදිවි හනිකරගැනීමට තැත් කර තිබේ.

ඊයේ (14දා) දහයියාගම හන්දිය දුම්රිය හරස් මාර්ගයට නුදුරින් කාන්තාවක් දරුවන් තිදෙනෙකු සමග දුම්රිය මාර්ගයේ වාඩි වී සිටින බවට ලද තොරතුරකට අනුව එම කාන්තාව හා දරුවන් තිදෙනා පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසයි.

ගංජා ප්‍රවාහනය කිරීමේ චෝදනාවට ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්‌ෂිත බන්ධනාගාර ගතකොට ඇති සැමියාගේ සුවදුක්‌ බලා ආපසු නිවසට යන අතරමගදී මේ කාන්තාව තම දරුවන් තිදෙනා සමඟ මෙලෙස දුම්රියට පැන සිය දිවි හානිකර ගැනීමට තැත්කර ඇත.

ස්වාමියා නිදහස් කරදෙන ලෙසත්, තමන් දැනට දවස් ගණනාවක් නිරාහාරව සිටින බවත් සඳහන් කළ පුවරුවක්ද ඇය සතුව තිබී සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු 32ක ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර, දරුවන් තිදෙනා අවුරුදු 01, 03 සහ 08 වයස්වල පසුවෙති.

null
null

pics – හිරු/අද පුවත්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>