දවස් දෙකට කෝටි 4ක් අයකරන ජැක්ලින්
ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජැක්ලින් ෆර්නෑන්ඩස් වර්තමානයේ බොලිවුඩයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියකි. මෑතකදී ඇය රඟපෑ චිත්‍රපට අදායම් වාර්තා තබමින් තිරගත වීම හේතුවෙන් ඇගේ අයකිරීම් ද ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ.
ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන ආකාරයට ජැකලින් යනු ඉතා ඉහළ ගණයේ විවාහ මංගල උත්සවවලට සහභාගි වී නර්ථන ඉදිරිපත් කිරීම සඳහා ඉහළ මිලක් අයකරන අයෙකු බවයි.
එලෙස වාර්තා වන අලුත්ම පුවත වන්නේ නුදුරු දිනකදී එංගන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිත විවාහ මංගල්‍ය උත්සවයක සහභාගි වන පිරිස පුදුම කිරීමේ නර්තනයකට සහභාගි වීම සඳහා ඉන්දියානු රුපියල් කෝටි 4ක මුදලක් ඇය ඉල්ලා ඇති බවයි.
ලන්ඩන් නුවර පදිංචිව සිටින ව්‍යාපාරිකයෙකුගේ පුතෙකුගේ විවාහ උත්සයක් සඳහා ඇය මෙලෙස සහභාගී වීමට නියමිතව තිබෙන අතර ජැකලීන් අදාළ විවාහ උත්සවයට සහභාගී වී ගත කරන දින දෙක සඳහාද වියදම් දරණු ලබන්නේ එම පවුලේ උදවිය බවද වාර්තා වෙයි.