21 Sep 2015
දහම් පාසලේදී දැරියකට අතවර කරන්න හැදූ අනංගයා
මිනුවන්ගොඩ දහම් පාසලකදී දැරියකට අතවර කරන්නට තැත්කළැයි කියන 63 හැවිරිදි පුද්ගලයෙක් සැකපිට ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වැඩබලන පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රයන්ත ජයකොඩි මහතා පැවසුවේ මෙම පුද්ගලයා මීට පෙරද දැරියන් කිහිප දෙනෙකුට අතවර කර ඇතැයි විමර්ශනවලින් හෙළි වූ බවයි.
අදාළ සැකකරු සතුව තිබී අසභ්‍ය වීඩියෝ දර්ශන ඇතුළුත් සී ඩී තැටි කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම පුද්ගලයා පොලීසියට අල්ලා දුන්නේ දහම් පාසල අවට පදිංචිකරුවන් විසින්.
අත්අඩංගුවට ගත් සැකකරු අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.