දහම් සිරිසේන ඇමෙරිකා ගිය හේතුව කියයි

null

ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ සමුළුව සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන එක්වීම පිළිබඳ විවිධ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වූ අතර ඒ සඳහා සෘණාත්මක විවේචනද එල්ලවිය.

සමාජ ජාල ඔස්සේ මේ පිළිබඳව බොහෝ කතාබහට ලක්වූ අතර තනතුරක් වත් නොදරන ඔහු එවැනි සමුළුවකට සහභාගී වුයේ කෙසේද යන්න එයින් ප්‍රශ්න කෙරුණි.

කෙසේ වෙතත් දහම් සිරිසේන මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

ඔහු පවසන්නේ සිය මවට පැමිණි ආරාධනය ඇය සමුළුවට සහභගී නොවීම හේතුවෙන් තමන්ට ඒ අවස්ථාව හිමි වූ බවත්, එහිදී සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ වෙනුවෙන් තාරුණ්‍යට වෙන් කර තිබූ සමළුටද තමන්ට සහභාගිවීමට අවස්ථාව ලැබුණ බවත් එහිදී රටට වැදගත් අරමුණු පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි වූ බවත් ය.

සිය සහභාගීත්වය සෘණාත්මක වන්නේ කෙසෙදැයි යනුවෙන් ඔහු සඳහන් කරයි. එසේම තමන් හා තම පවුල පසුගිය පාලනය හා සංසන්දනය නොකරන ලෙසත් තම පවුල ඊට හාත්පසින්ම වෙනස් බවත් ඔහු කියයි. එසේම සිය සහභාගීත්වය රටට ධනාත්මක වූ බවත් දහම් සඳහන් කරයි.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>